දේශීය

දුම්රිය සේවකයින් තනතුරුවලින් ඉවත​ට

වෘත්තීය සමිති ත්‍රස්තවාදයට හිස නැමීමට රජය සූදානම් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහ​තා පවසනවා.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කර ඇති අවස්ථාවක සේවයට වාර්තා නොකර වර්ජනය කළ සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (11) සිට සේවය හැර ගියා සේ සලකා ලිපි නිකුත් කළ බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු පැවසුවේ රටේ පවතින නීතියට අවනත නොවී වැඩවර්ජන සිදුකිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම ලිපි නිකුත්කළ බවයි.

අද පස්වරුවේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වරයා මේ බව කියා සිටියා.

දුම්රිය සාමාන්‍යාධිකාරිවර​යා විසින් එම ලිපි මේ වන විට වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිරුන්ට යවා ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button