දේශීය

දේශබන්දුට වැඩ වරදියි

ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ මුදල් සම්බ්නධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම මුදල මහජන ආරක්ෂක ඇමැතිවරයාට භාර දෙන ලෙස දුන් බව කියන දුරකතන ඇමැතුමට අදාළ හඩපට හා සමකාලීන සංවාද පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයාට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විදුලි සංදේශ නියාමන කොමිසමට සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්  ආයතනයට ඊයේ  (05) නියෝගයක් නිකුත් කළා.

එමෙන්ම අදාළ දුරකතන සංවාද සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය සඳහා සහාය වන ලෙස අපරාධ විමර්ශන කොට්ඨසයේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා වෙතද මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කරනු ලැබූවා.

ජූලි මස 09 වනදා අරගලකරුවන් ජනාධිපති මන්දිරය අත්පත්කර ගැනීමෙන් පසුව කොටුව ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස් දහසක මුදල කොටුව ස්ථානාධිපතිවරයාට භාරදී තිබුණා.

ඉන් අනතුරුව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුරකතන ඇමැතුමක් ලබාදී එම මුදල මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට පසු දින ගොස් භාර දෙන ලෙස කොටුව ස්ථානාධිපතිවරයාට දන්වා ඇති බවට සිදු කළ විමර්ශන  අනාවරණය කර ඇතැයි විශේෂ විමර්ශණ ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමිංහ මහතා ඊයේ (05) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ ප්‍රකාශ කළා.

පෙර දින අධිකරණ නියෝග ප්‍රකාරව සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය දක්වමින් මෙම කරුණු අධිකරණයට වාර්තා කළ සිටි ඒ මහතා කොටුව ස්ථානාධිපතිවරයාට ලැබුණු දුරකතන ඇමැතුම සම්බන්ධයෙන් කොටුව ස්ථානාධිපතිවරයා තබා ඇති සටහන්වල වාර්තා අධිකරණයට ඉදිරිපත් කළා.

එම මුදල් ලබාගත් මුල් අවස්ථාවේ සිට අධිකරණයට භාරදෙන තෙක් පොලිස් නිලධාරින් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වාර්තාවක් යොමු කරන බවද විශේෂ විමර්ශණ ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමිංහ මහතා අධිකරණය හමුවේ පවසා සිටියා.

සමස්ත ක්‍රියාවලියම විනය විරෝධී ක්‍රියවලියක් බව කියා සිටි ඒ මහතා සියලුම නිලධාරින්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට වාර්තා කරන බවද මෙහිදී සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button