දේශීය

විදුලිබල මණ්ඩලය ජනතාවට පොළී ගෙවයි

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි සැපයුම ලබාදීමේ දී අය කරන තැම්පතු ගාස්තු සඳහා වාර්ෂිකව ගෙවිය යුතු පොලී මුදල් පාරිභෝගිකයින් වෙත ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.

ඒ විදුලි පාරිභෝගිකයින්ගේ සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දීයි.

ලංකා විදුලිබල මණ්ඩල පනතට අනුව එම තැම්පතු මුදල් වෙනුවෙන් පාරිභෝගිකයින් වෙත පොලී මුදලක් ගෙවි යුතු වුවත්, වසර ගණනාවක් තිස්සේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් එය ගෙවා නොමැති බවටයි එම සංගමය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව අදාළ මුදල් ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button