දුම්රිය ස්ථානවල ආරක්ෂාවට යුද්ධ හමුදාව

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථාන 45 කට යුද හමුදා භට පිරිස් යොදා ඇති බව යුද හමුදාව පවසනවා.
යුද හමුදාව පවසන්නේ, ඒ අනුව නුවර, කටුගස්තොට, මාතලේ, ජේරාදෙණිය, ගම්පොළ, නාවලපිටිය, හැටන්, වටවල, කොටගල, තලවකැලේ, නානුඔය, අඹේවෙල, පුත්තලම, හලාවත, මාදම්පෙ, නාත්තණ්ඩිය, අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල, මහව ඇතුළු දුම්රිය ස්ථාන 45 ක ආරක්ෂාව යොදා ඇති බවයි.
ආරක්ෂක අමාත්‍යංශය විසින් හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව දුම්රිය ස්ථානවලට ආරක්ෂාව සපයනු ලබන පොලිසියට සහායවීම සදහා යුද හමුදා නිලධාරීන් ද යොදවා තිබෙනවා.
ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඊයේ (09) වන දින මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කළා.
ඒ අනුව ආරක්ෂාව සදහා යුද හමුදා භට පිරිස් දුම්රිය ස්ථානවලට යොදවන ලෙස ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට යුද හමුදාපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.