දේශීය
මැතිවරණ පෝස්ටර් ඇලවූ තිදෙනෙක් අත්අඩංගුවට

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින මහනුවර දිස්ත්රික්කය නියෝජනය කළ ප්රබල දේශපාලකයකුගේ දියණියකගේ මැතිවරණ ප්රචාරණ පෝස්ටර් අලවමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිස් මූලස්ථානය පවසනවා.
පොලිසිය පවසන්නේ, මහනුවර පොලිස් මූලස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් පිරිසක් ඊයේ (23) රාත්රියේ දංගොල්ල ප්රදේශයේ ජංගම මුර සංචාරයේ යෙදෙමින් සිටියදී ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී නීති විරෝධී ප්රචාරණ පෝස්ටර් 86 ක් සමග පාප්ප බාල්දියක්ද අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් අද (24) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.