දේශීය
නාමල් CID යට

හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
එහිදී ප්රකාශයක් ලබාදීම සඳහා තමා කැඳවා ඇති බවයි නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු නාමල් රාජපක්ෂ මහතා :
“කාරණාව දන්නේ නෑ. හොඳයිනේ කැඳවන එක. අපිට තියෙන චෝදනා නැති කරගන්න තියෙන එකම ක්රමය මේකට ඇවිල්ලා යන එක තමා. මොකද අවබෝධයෙන් බොරු කියපු අයනේ ඉන්නේ. අපි අවබෝධයෙන් බොරු කියන අය නෙමෙයි. අපි අවබෝධයෙන් කටඋත්තරය දීලා එන්නම්.”