දේශීය
දුම්රිය වර්ජනය දීර්ඝ කරන්න සාකච්ඡා

දෙවන දිනටත් ක්‍රියාත්මක දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද (11) පස්වරුවේදී පැවැත්වෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා.
ඒ මහතා පවසන්නේ, වර්ජනයට අනෙකුත් දුම්රිය වෘත්තීය සමිති සහය ලබා ගැනීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි.
වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විහිළුකාරයෙක් බවට පත්ව ඇති බවත් ඉතා පහසුවෙන් විසදුම් ලබා දිය හැකි ඉල්ලීම් ඉටු කිරීමට සාමාන්‍යාධිකාරීවරයා අපොහොසත්වීම වර්ජනය දිග්ගැස්සීමට හේතුවක් බවත් සභාපති සුමේධ මහතා පවසනවා.