දේශීය

ත්‍රී රෝද රථ ගැන ගත් අලුත්ම තීරණය

පූර්ණ කාලීනව වෘත්තියක් ලෙස ත්‍රී රෝද රථ ධාවනය කරන පිරිස හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන් සඳහා ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ, ත්‍රිරෝද රථ හිමියන් සහ අමාත්‍යවරයා අතර ඊයේ (08) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීයි.

අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව සාර්ථක බවත් සති තුනක පමණ කාලයක් ඇතුළත වෘත්තීය ත්‍රිරෝද රථය රියදුරන් හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන් සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට අනුමැතිය ලබාදුන් බවත් අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ත්‍රිරෝද රථ හිමියන් පවසා සිටියා.

ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් මස පළමුවනදා බස්නාහිර පළාත තුළ වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරන් නියාමනය ආරම්භ කරන බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර, ලංගම සහ පෞද්ගලික බස් රථවල අවශ්‍යතා හඳුනාගැනීම සඳහා තවත් සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

විෂයභාර අමාත්‍යාංශවල අමාත්‍යවරුන්ගේ හා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී ප්‍රවාහන කොමිෂන් සභාව විසින් එක් එක් කාණ්ඩය සඳහා අවශ්‍යතා හඳුනාගෙන එම ඉන්ධන ප්‍රමාණයන් බලශක්ති අමාත්‍යාංශයට නිර්දේශ කිරීමට තීරණය කර තිබෙනවා.

එම අවශ්‍යතා ලැබුණු පසු ලබන සතිය වන විට අමාත්‍යාංශය වෙනම QR කේතයක් මත අමතර ඉන්ධන කෝටා වෙන් කරන බවත් එතෙක් දිවයින පුරා පිහිටි ලංගම ඩිපෝ 107 න් පෞද්ගලික බස් රථවලට අවශ්‍ය අමතර ඉන්ධන ප්‍රමාණයන් ලබාගැනීමට හැකියාවක් පවතින බවත් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button