ව්‍යාපාරික

ඩොලර්වලින් බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර

ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට  අවසර  ලබාදෙන්නැයි  ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.

ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබා දුනහොත් ඇතැම් පුද්ගලයන් සතුව පවතින ඩොලර් වෙළෙඳපොළට වේගයෙන් ගලා ඒමෙන් රටේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එසේම විදේශ රැකියාවන්හි යෙදී සිටින අයට වාහනයක් ගෙන්වා ගැනීමටද එමගින් අවස්ථාව  සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළා.

කෙසේ වෙතත් රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සාමාන්‍ය ආකාරයට වාහන ගෙන්වීම තවදුරටත් අධෛර්යමත් කළ යුතු බවද  ශ්‍රී ලංකා මහබැංකුව රජයට නිර්දේශ කර තිබෙනවා.

මේ අතර විදේශයෙන් ආනයනය කෙරෙන සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම නතර කිරීම වෙනුවට ඒවායින් වැඩි බදු මුදලක් අය කිරීම මේ අවස්ථාවේදී වඩා ගැළපෙන ප්‍රායෝගික ක්‍රියාදාමය බවද ශ්‍රී ලංකා මහ බැංකුව රජයට පෙන්වා දී ඇති බව වාර්තාවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button