දේශීය

වර්ජනයෙන් දුම්රියට කෝටි 10ක පාඩුවක්

දුම්රිය වර්ජනය පැවැති දින දෙක තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10 කට ආසන්න ආදායමක් අහිමිවී ඇති බ​ව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවා.

එම නිලධාරියා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දිනක මගී ප්‍රවාහන ප්‍රවේශපත් ආදායම පමණක් කෝටි 4 ක් පමණක් වන බවත් එම ආදායමට භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සෙසු ආදායමත් එකතු කළ පසු දෛනික ආදායම කෝටි 5 ක් පමණ වන බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයත් සමඟ ප්‍රවේශපත් නිකුත් නොකිරීම නිසා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වර්ජනය පැවැති දිනවල ධාවන කළ දුම්රියවල ගිය මගීන්ගෙන් ද ප්‍රවේශපත් ගාස්තු නොලැබුණු බව​ත් එම නිලධාරියා වර්ජනය අඛණ්ඩව පැවතුණහොත් අලාභය තවත් වැඩි වන බවත් ඔහු වැඩිදුරට​ත් සඳහන් කළා.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊ​යේ (10) දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි බව​ද ප්‍රවාහන අමාත්‍යංශය පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button