දේශීය

දුම්රිය වර්ජනය තවදුරට​ත්

දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු දුම්රිය ප්‍රධාන වෘත්තීය සමිති තුනක් ක්‍රියාත්මක කර ඇති වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය විධායක කමිටු සාමාජිකයෙක් පවසනවා.

දුම්රිය බලධාරීන් සිය ඉල්ලීම් ඉටු කරන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවත් බලපෑම් කර වෘත්තීය සමිති මර්ධනය කළ නොහැකි බව ආණ්ඩුව ඇතුළු දුම්රිය බලධාරීන් අවබෝධ කරගත යුතු බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පැවසු​වේ, වර්ජනය පැවතියද දුර ගමන් සේවා දුම්රිය 15 ක් පමණ අද පෙරවරුවේ ධාවනය කළ බවයි.

දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කර ඇති වැඩවර්ජනය නීතිවිරෝධී වන බවත් සේවයට වාර්තා නොකරන අයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දැනුම් දීමක් සිදු කළා.

කෙසේවෙත​ත් එම නිවේදනය නොතකා දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වැඩවර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක වන බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button