ජනපතිගේ සහයට තවත් 116ක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 116ක් මෙලෙස ජනාධිපතිවරයාට සහය දක්වන බව තහවුරු කර ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බව ඊයේ (30) ජනාධිපතිවරයා හමු වී තහවුරු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුවද ජනාධිපතිවරයාට සහාය දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියා.
තවද ඉදිරි ජනාධිපතිවරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තමන්ගේ පූර්ණ සහය ලබා දෙන බව පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා X පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා.