දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92කගේ සහය රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තහවුරු කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මේ අතර ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට තම සහය පළ කිරීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (29) එකඟතාවයකට පැමිණ තිබුණා.

ඒ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් අතර ඊ​යේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මෙම සාකච්ඡාව සඳහා අජිත් රාජපක්ෂ,ගාමිණී වලේබොඩ,ප්‍රේම්නාත්සී.දොළවත්ත,‍මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, කාංචන විජේසේකර, එස්. බී දිසානායක ,ලොහාන් රත්වත්තේ,ගීතා කුමාරසිංහ සහ අලි සබ්‍රි ඇතුළු විශාල මන්ත්‍රීවරු පිරිසක් පැමිණ සිටි බවයි පැවසෙන්නේ.

එමෙන්ම එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව​ද තීරණය කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ඒ බව කියා සිටියා.

තව​ද ඉදිරි ජනාධිපතිවරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා​ට තමන්ගේ පූර්ණ සහය ලබා දෙන බව පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහ​තා X පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button