දේශීය

රනිල්ට සහය දුන්නත් මහින්දට තියෙන ගෞරවය නැති වෙන්නේ නෑ – ප්‍රසන්න

එළැඹෙන ජනාධිපතිවරණයේ දී තමා සහාය දක්වන්නේ කවුරුන්ටද යන්න පිළිබඳව ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස නැවත පත්කිරීමෙන් මිස පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ තමන්ට නොපෙනෙන බවයි.

එම නි​සා හෘද සාක්ෂියට එකඟව රට ගැන සිතා තමා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් වෙන බව ප්‍රසන්න රණතුංග මහතා අදාළ ලිපිය මඟින් දැනුම්දී තිබෙනවා.

ප්‍රසන්න රණතුංග මහතා අදාළ ලිපිය මඟින් සඳහන් කර ඇත්තේ, එසේ වුවත් තමා තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයෙකු බවත් තමාගේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මහතා වන බවත් එතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරන බවයි.

එමෙන්ම තම පියාගෙන් පසුව තමාට සිටින පරමාදර්ශී දේශපාලන චරිතය මහින්ද රාජපක්ෂ මහතා බවත්, අතීතයේ මෙන්ම වර්තමානයේදීත් ඔහුට ඇති ගෞරවය හා ආදරය එලෙසින්ම පවතින බවත් ප්‍රසන්න රණතුංග මහතා මෙම ලිපියේ සදහන් කර තිබෙනවා.

කෙසේවෙතත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත පත් කිරීමෙන් මිස  පාක්ෂිකයන් රැක ගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ පෙනෙන්නට නොමැති බැවින් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතාට යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button