දේශීය

මැතිවරණ නිහඬ කාලයේදී ප්‍රවර්ධනය කළොත් වැඩ වරදී

2024 පාර්ලිමේන්තු මැතිවරණය ලබන 14 වනදා පැවැත්වීමට සියළු කටයුතු සුදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු ලබන සඳුදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් බවයි.

ඉන් පසු උදාවන නිහඬ කාලය තුළ යම් අපේක්ෂකයෙකු මැතිවරණ නීති උල්ලංඝණය කළහොත් මන්ත්‍රී ධුරය පවා අහෝසි විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණ නිහඬ කාලය තුළ අපේක්ෂකයින් සහ අනුගාමිකයින් කිසිදු ප්‍රචාරණ කටයුත්තක නිරත නොවන ලෙස කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දැනුම් දී සිටියා.

මෙම නිහඩ කාලය තුළදී ඡන්දය ආයාචනා කිරීමක් සිදු නොකළ යුතු බව ඔහු පවසනවා.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවසන් දිනය අදයි.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 96%ක් පමණ මේ වන විට බෙදා අවසන් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ පවසනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට තමා පදිංචි ප්‍රදේශයේ නිල තැපැල් කාර්යාල වෙත ගොස් එය ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button