දේශීය

අලුත් ක්ෂේත්‍ර 14කට බදු?

මේ වන තෙ​ක් කිසිදු සැලකිල්ලකට භාජන නොවූ ක්ෂේත්‍ර 14ක් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු මේ බ​ව කියා සිටියේ, කෑගල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ ඔස්සේ ඉදිරියටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

එමෙන්​ම බදු ගෙවීම් පැහැර හැරීමට කිසිදු අයෙකුට අවස්ථාවක් ලබාදී නොමැති බවත් බදු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ මෙවැනි වකවානුවක් කිසිම දිනක නොමැති බව​ත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් සියඹලාපිටිය මහතා,

“ගිය අවුරුද්දේ අපි ගේනවා ක්ෂේත්‍ර 14ක් අනිවාර්යෙන් බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුයි කියලා. මහ පරිමාණ උපකාරක පංති, පෞද්ගලික පාසල්, පෞද්ගලික වෛද්‍ය සේවාවන් සැපැයීම, ඉංජිනේරු සේවාන්, මිනින්දොරු සේවාවන්  ඔය 14 තුළ තියෙනවා. ඒ නිසා ඒ 14 තුළින් ලියාපදිංචි වුණ සියලුදෙනාගේ ආදයම් පිළිබඳ පැහැදිලි විමර්ශනයක් දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුව කරගෙන යනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button