දේශීය

අයවැයට සහයෝගය ලබාදෙනවා – මහින්ද රාජපක්ෂ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැය සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ, ශ්‍රී දළදා සමිදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු බැවින් අයවැය සඳහා සහය පළ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button