දේශීය

අරුණ දර්ශනට​ත් ඔලිම්පික් වර​ම්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ, මීටර 400 පිරිමි ධාවන ඉසව්වෙන්.

ශ්‍රී ලං​කා මළල ක්‍රීඩා සංගමය මේ බව තහවුරු ක​ළා.

ඒ අනුව ප්‍රංශයේ පැරිස් නුවර මේ මස 26 වනදා ආරම්භ වන 33 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලබාගත් පළමු ක්‍රීඩකයා වන අතර, මීටර 800 කාන්තා ධාවන ඉසව්ව නියෝජනය කිරීමට තරුෂි කරුණාරත්න සුදුසුකම් ලබාගත්තා.

ඊට අමතරව පිහිනුම් ක්‍රීඩාවෙන් වයිල්ඩ් කාඩ් අවස්ථාව යටතේ කයිල් අබේසිංහ සහ ගංගා සෙනෙවිරත්න පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button