දේශීය
අලුත් දොස්තරවරුන් 1300 දෙනෙකුට නව පත්වීම්
නව වෛද්‍යවරුන් 1300 දෙනෙකුට ඉදිරි සති දෙක තුළ නව පත්වීම් ලිපි ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ දිවයින පුරා පර්යන්ත රෝහල් සඳහා මෙම වෛද්‍යවරුන් අනුයුක්ත කරන බවයි.
එම පිරිස අනුයුක්ත කිරීමත් සමග දැනට පවතින වෛද්‍ය හිඟය මග හැරෙනු ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.