දේශීය
ගව සොරකමේ ගිය නාවික සෙබළා අත්අඩංගුවට

නිවෙස්වල බැඳ දමා සිටින ගවයින් සොරකම් කරගෙන ගිය බව පවසන නාවික හමුදා බලනැවි සෙබළකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් මුන්දලම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සොරකම්කර බව පවසන ගවයන් දෙදෙනකු සහ සොරාගත් එම ගවයන් ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැලකෙන ලොරි රථයක්ද සැකකරුවන්ගෙන් හෙළි කර ගත් තොරතුරු මත පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාර බලනැවි නාවික සෙබළා යාපනය ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක රාජකාරි කරන බත්තුලුඔය ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සඳහන්.
මුන්දලම පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යන බවට වාර්තාවනවා.