දේශීය

ඉන්දීයාවෙන් තවත් බිත්තර ලංකාවට

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති අසිරි වලිසුන්දර මහතා පවසන්නේ ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර ලක්ෂ දහයක තොගයක් ඊයේ (04) රාත්‍රී දිවයිනට රැගෙන ආ බවයි.

එම බිත්තර තොගය මේවනවිට අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව ද සදහන් කරනවා.

මෙම බිත්තර නියදි අද (05) දිනයේ පරීක්ෂණාගාර වෙත යොමු කරන බවත් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර සාමාන්‍ය පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා මේ වන තෙක් අවසර ලැබී නොමැති බව ආසිරි වලිසුන්දර මහතා පැවසුවා.

මෙහිදි දේශීය බිත්තර බර අනුව විකිණීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ බිත්තර ග්‍රෑම් එකක් ශත 80ක මිලට විකිණීමට තීරණය කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button