ජයගමු ශ්‍රී ලංකා මෙවර මාතරට
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවා වැඩසහන ජූලි 5 සහ 6 යන දෙදින මාතර ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතයි.
ඒ හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩා පිටියේදීයි.
ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් අද ඩිජිටල් ශ්‍රම බලකාය තුළ දියුණු වීමට අවශ්‍ය කුසලතා සහ මෙවලම්වලින් සන්නද්ධ කරමින් ඔවුන් සවිබල ගැන්වීම අරමුණ බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
දිස්ත්‍රික්ක කිහිපයක ධනාත්මක බලපෑමක් ඇති කරමින් “ජයගමු ශ්‍රී ලංකා” රැකියා අපේක්ෂකයින්ට සහ රැකියා කරන පුද්ගලයින්ට එකසේ උපකාර කරනු ලබනවා.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ශ්‍රම වාසනා අරමුදල, ගරුසරු, ස්මාර්ට් යෞවන සමාජය සහ සංක්‍රමණික සේවක හරසර වැනි ප්රමුඛ පෙළේ සංවිධාන සමඟ එක්ව මහජන සුබසාධනයට සෘජුවම ප්රතිලාභ ලබා දෙන සම්මාන ලබා දෙනවා.
අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට පාසල්වලට ස්මාර්ට් පුවරු සහ අධ්‍යාපනික උපකරණ ලබා දීම වැනි මුලපිරීම් මාතර පදිංචිකරුවන්ට අපේක්ෂා කළ හැකියි.
එපමනක් නොව, වෘත්තීය අපේක්ෂාවන් වැඩි දියුණු කිරීමට ඔබ්බට, මෙම වැඩසටහන අඩු ආදායම්ලාභී පවුල් සහ සංක්‍රමණික සේවකයින් අතර ව්‍යවසායකත්ව මනෝභාවයක් පෝෂණය කරනු ලබන අතර ඔවුන්ට වඩා හොඳ අනාගතයක් ගොඩනැගීමට හැකි වනු ඇති.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් සෘජුවම මාතරට පුළුල් පරාසයක සේවාවන් ගෙන ඒමෙන් “ජයගමු ශ්‍රී ලංකා” කොළඹට දිගු ගමන්වල අවශ්‍යතාවය නැති කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.
මාතර “ජයගමු ශ්‍රී ලංකා” හි පරිවර්තනීය බලපෑම සියැසින්ම අත්විඳීමට ජූලි 5 සහ 6 දෙදින තුළ හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩා පිටියේදී ජනතාවට එක්වන ලෙස ඉල්ලා සිටිනවා.