දේශීය

හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය​ට කොළඹ ම​හා අධිකරණය වසර 3ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ ඇයව අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා 18කට අදාළව කොළඹ මහාධිකරණය විසින් වරදකරු කිරීමෙන් අනතුරුවයි.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා.

ඉකුත් 2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඔහු​ව අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතු​ලු චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ඉදිරිපත් කළා.

නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අධාරකරුවන් 8 දෙනෙකු මීට පෙර මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button