දේශීය

තැන තැන සිදුව​න මාරක අනතුරු

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, කැබිතිගොල්ලෑව පදවිය මාර්ගයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ ඉවතට පැන ඇලකට පෙරලීමෙන් 57 හැවිරිදි ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.

හෙට්ටිපොල මදුල්ල මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී යතුරුපැදියක් විදුලි රැහැන් කණුව ගැටීමෙන් සිදුවූ අනතුරකින් තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 46 හැවිදිරි හෙට්ටිපොල සුනන්දපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මීගමුව උස්වැටකෙයියාව මාර්ගයේ දී ඇලෙන්එගොඩ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පදික කාන්තාවක් ලොරි රථයක ගැටීමෙන් මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ 71 හැවිරිදි පමුණුගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button