දේශීය
Breaking: R. සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී R. සම්බන්ධන් මහතා මීට සුළු වෙලාවකර පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහතා 91 වන වියේ පසුවුණා.
සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බවට වාර්තා වනවා.
1933 පෙබරවාරි 5 උපත ලැබූ සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවට ප්‍රථමවරට තේරී පත්වූවේ 1977 වසරේදීයි.
දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ඉසිලූ ඔහු 2015 සිට 2018 දෙසැම්බර් තෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ද හොබවනු ලැබුවා.
එමෙන්ම ඔහු නීතීඥවරයෙකු ද වූවා.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා පාර්ලිමේන්තුවෙන් මාස තුනක නිවාඩු අනුමත කරගෙන තිබුණා.