දේශීය
වැරදි පාරේ ගිය මූල්‍ය ආයතනවලට වැඩ වරදී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මූල්‍ය ආයතනවලට ලක්ෂ තිහක දඩ මුදල් පනවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ මූල්‍ය ආයතනවලින් එම දඩ මුදල අය කර ගත් බවයි.
මූල්‍ය පනතට අනුකූල නොවනසේ ක්‍රියා කරන මූල්‍ය ආයතනවලින් එම දඩ මුදල් අය කර ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.
එමෙන්ම මූල්‍ය බුද්ධි ඒකකය එලෙස අයකර ගන්නා දඩ මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.