කෙහෙළිය ගෙවල් කුලි පඩියෙන් කපා ගන්න කියලා

මධ්‍යම පළාත් සභාවේ මහනුවර නිල නිවාස සඳහා කුලිය තම මන්ත්‍රී වැටුපෙන් කපා ගැනීමට කැමැත්ත පළ කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් එවා තිබෙනවා.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස අරගලය අවස්ථාවේදී ගිනි තබා විනාශ කිරීමෙන් පසු ඔහුට තාවකාලිකව කුලී පදනම මත රැඳී සිටීම සඳහා රජය විසින් මහනුවර මලබාර් වීදියේ මධ්‍යම පළාත් මහ අමාත්‍ය නිල නිවස දෙනු ලැබුවා.
ඔහුට එහෙම නිවස ලබාදී තිබුණේ මාසික මන්ත්‍රී වැටුපෙන් 10%ක මුදලක් අයකර ගැනීමේ ගිවිසුමක් මතයි.
රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ සහ පරිසර අමාත්‍ය ධූරයේ සිටි කාලය තුළදී එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාර්ගයෙන් අදාල මුදල් මධ්‍යම පළාත් සභාවට ලැබී තිබුණද ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමෙන් පසු එම මුදල් ලැබීම නතර වී තිබුණා.
ඒ අනුව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය එම මුදල අය කර දෙන ලෙස පාර්ලිමේන්තුවේදී මහ ලේකම්වරියගෙන් පසුගියදා ඉල්ලීමක් කළා.
ඒ අවස්ථාවේදී ලේකම්වරිය පැවසුවේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් මුදල් අය කර ගැනීමේ බලයක් ඇතත් පිටස්තර නිවාස වෙනුවෙන් මුදල් අය කර ගැනීමේ බලයක් තමාට නැති බවයි.
කෙසේවෙතත් මුදල් අය කර ගැනීමට මන්ත්‍රීවරයා කැමැත්ත පළ කර ලිපියක් ලබා දෙන්නේ නම් මුදල් අය කළ හැකි බවද මහා ලේකම්වරිය ඒ අවස්ථාවේදී දැනුම් දුන්නා.