දේශීය

අයිතිකරුවෙකු නැති මෝටර් රථයක් ගුවන්තොටෙන් හමු​වේ

හිමිකරුවකු නොමැතිව දීර්ඝ කාළයක්  කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාලෙහි නවතා තිබූ මෝටර් රථය ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ අද (04) දහවල් රැගෙන ගොස් තිබෙනවා.

නිසාන් බ්ලූබර්ඩ් වර්ගයේ මෙම මෝටර් රථය ඉකුත් මැයි 29 දින මෙලෙ​ස කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාල තුළ දමා ගොස් තිබුණා.

මෙම මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ  කාන්තාවකට අයිති බවත් දැනට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන 68390 දරන නඩු කටයුත්තට අවශ්‍ය කරන මෝටර් රථයක් බවත් අනාවරණය වීමෙන් පසුව අධිකරණ නියෝගයක් මත ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙම මෝටර් රථය  රැගෙන ගොස් තිබෙන​වා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button