විදෙස්
ඉතාලියේ භූ කම්පනයක්

මධ්‍යම ඉතාලියේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය මධ්‍යම ඉතාලියේ Florence නගරයට උතුරින් රික්ටර් මාපාංක ඒකක 4.8ක ප්‍රබලත්වයෙන් සිදුවී ඇති බවයි.
භූ කම්පනයත් සමග එම ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතු ද අත්හිටුවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිද්ධියෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි.