දේශීය

වැඩබලන නීතිපති දිවුරුම් දෙයි

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම්දී තිබෙනවා.

අගවිනිසුරුවරයා ඉදිරියේ එම දිවුරුම් දීම සිදුකළා.

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ මහතා නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉදිරියේ දී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට නියමිතයි.

පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු ද වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button