දේශීය

කෘෂිකර්ම ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

ලබන වසරේ යල කන්නයේදීත් වියළි කාලගුණ තත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අගවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් එම තත්ත්වයට මුහුණ දෙමින් නියමිත කාලයට වගා කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසයි ඊයේ (19) හම්බන්තොටදී ගොවීන් පිරිසක් හමුවු අවස්ථාවේදීයි.

මෙවර යල කන්නයේදීත් නියඟය හේතුවෙන් අක්කර හැට හදහසකට වැඩි වගා හානී ප්‍රමාණයක් විනාශවී තිබුණා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජනසේවා දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් උපදෙස් මත අමතර බෝග වගා කළ ගොවීන් සිය නිෂ්පාදන අලෙවිකර ගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button