විදෙස්
ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ, ඩාර්ජිලිං දිස්ත්‍රික්කයේදී අද (17) උදෑසන දුම්රිය දෙකක් එකිනෙකට ගැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දුම්රිය සංඥාවල දෝෂයක් හේතු කොටගෙන සිදුව ඇති මෙම අනතුරින් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් ඇති බවයි.
එහිදී විසි පහකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
ඇසෑම් ප්‍රාන්තයේ සිල්චාර් සිට කොල්කටා හි සීල්ඩා දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය රංගපානි දුම්රිය ස්ථානය අසල දී, පිටුපසින් පැමිණි භාණ්ඩ දුම්රියේ ගැටී ඇති අතර සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි දෙකක් පීලි පැනීමට ලක්ව ඇති බව ද එම මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර අදාළ අනතුරින් තුවාල ලැබූ පිරිස් රෝහල් කරා ගලවා ගැනීම් කණ්ඩායම් යුහුසුලුව රැගෙන යන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.