දේශීය
නයිජීරියානු ජාතිකයෙකු පිටුවහල් කෙරේ

බහමාස් රාජ්‍යයට අයත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් මෙරටට ඇතුළු වීමට නයිජීරියානු ජාතිකයෙකු උත්සහ කර තිබෙනවා.
මොහු නයිජීරියාවේ සිට ලයිබීරියාවට පැමිණ ඉන්පසු මොරොක්කෝ රාජ්‍යයට පැමිණ ඇති බවටයි සඳහන් වන්නේ.
පසුව මොහු කටාර් ගුවන් සේවයට අයත් කිව්. ආර්. 654 දරණ යානයෙන් ඊයේ පස්වරුවේ මෙරටට පැමිණීමෙන් පසු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව ගමන් බලපත්‍රය පරීක්ෂා කළ ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරින් ඔහු යළි පිටුවහල් කිරීමට කටයුතු කර තිබෙනවා.