දේශීය
හංවැල්ලේ ලොරි රථ අනතුරක්

හංවැල්ල ඇඹුල්ගම මංසන්ධිය ආසන්නයේ දී ටිපර් රථයක් පාලමක ආරක්ෂිත ඇදි වැටක් කඩා ගෙන කැළණි ගඟේ අතු ඇළකට පෙරලී අනතුරක් සිදු වූ බව හංවැල්ල පොලිසිය පවසනවා.
අද (06) පාදුක්ක මීපේ සිට කොළඹ වරාය බලා කලු ගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මෙලෙස අනතුරට ලක් වී තිබුණා.
මෙම අනතුර හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගය හංගල්ල ඇඹුල්ගම මංසන්ධියේදී දෙපසකින් පැයකට වැඩි කාලයක් වසා දැමීමට සිදුවූ බවත් මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇති වූ බවත් හංවැල්ල පොලිසිය පවසනවා.
අනතුරින් ටිපර් රථයේ ගමන් කළ රියදුරාට කිසිදු හානියක් සිදුව නැහැ.
අදාළ අනතුරට සිදුවූ ලොරි රථය තව මීටරයක් ඉදිරියට වැටුණේ නම් කලුටුවාව සිට කොළඹ බලා ජලය රැගෙන යන නළ ජලයට හානි සිදුවන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.