දේශීය
ලෝක බැංකුවේ නියෝජිතයින් පිරිසක් මෙරටට

ඉදිරි වසර 5 තුළ මෙරට සෞඛ්‍ය අංශයට සහය දිය යුත්තේ කෙසේද යන්න සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.
ඔවුන් ඊයේ (14) කොළඹ – මාලිගාවත්ත සෞඛ්‍ය සත්කාර ඒකකයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වුණ බවයි වාර්තාවන්නේ.
ඒ අධික ජනාකීර්ණ නාගරික පරිසරයක සෞඛ්‍ය සේවා සැපයීමේ ද එය සාර්ථක කරගැනීම සම්බන්ධයෙන් වන අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා බවට වාර්තාවනවා.
දිවයිනට පැමිණ සිටින මෙම කණ්ඩායමට සෞඛ්‍ය විශේෂඥයින්ට අමතරව ආර්ථික විද්‍යාඥයින් පිරිසක්ද එක්ව සිටීම විශේෂත්වයක්.