දේශීය

දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

ඇල්ල පොලීසිය පවසන්නේ අද (26) උදෑසන දෙමෝදර ගවරවෙල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

එසේ මරණයට පත්ව ඇත්තේ රබර්වත්ත කොටස ගවරවෙල දෙමෝදර ලිපිනයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button