දේශීය
ට්රක් – මෝටර් රථ අනතුරින් එකම පවුලේ දෙදෙනෙක් මරුට

පිටිගල, මාපලගම මාර්ගයේ මත්තක ප්රදේශයේ දී ට්රක් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් එකම පවුලේ පියා සහ පුතු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පවසන්නේ, අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
මෝටර් රථයේ ගමන් කර ඇත්තේ එකම පවුලේ පිරිසක් වන අතර, අනතුරින් මියගිය අය අතර මෝටර් රථය පැදවූ පුද්ගලයා ද වනවා.
අනතුරට මැදිවීමෙන් යතුරුපැදියෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි විදුහල්පතිවරයෙකු ද සුළු තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබුණා.
අනතුර සම්බන්ධයෙන් ට්රක් රථ රියදුරු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.