දේශීය

ගාල්ල බන්ධනාගාර රැදෙවියෙක් පළා ය​යි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි  බන්ධනාගාර රැදවියකු රෝහලින් පැන ගොස් ඇති බ​ව ගාල්ල  බන්ධනාගාරය පවසනවා.

මෙලෙස පළා ගොස් ඇත්තේ, 35 හැවිරිදිවියේ පසුවන රැඳවියෙක්.

මෙ​ම රැදවියා ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරයකුගේ ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ ප්‍රථිකාර  ලබමින් සිට ඇති අතර මොහු වැසිකිළියට ගොස් සිටියදි  රෝහලින් පැන ගොස්  තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ, රැදවියාට වැසිකිළියට යාමේ දි දමනු ලබන වැසිකිළි දම්වැල්  දමා නොතිබී ඇති අතර ආරක්ෂාවට සිටි නියාමකවරයා අත්විලංගු තබාගෙන වැසිකිළිය ඉදිරිපිටට වි සිටියදි මොහු පැනගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button