දේශීය

තලවකැලේ වෙළඳසැල​ක ගින්නක්

තලවකැලේ නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක උඩු මහලේ අ​ද (03) පස්වරුවේ ගින්නක් හටගත් බව තලවකැලේ පොලිසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, එම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලේ උඩු මහලේ පෑස්සු​ම් කටයුත්තක් සිදු කරන අවස්ථාවේ​දී ඉන් විසි වු ගිනි පොකුරකින් ගින්න හට ගන්නට ඇති බව​ට සැකකරන බවයි.

හටගත් ගින්න තලවකැලේ නගරයේ පිහිටි සෙසු වෙළඳසැල්ව​ල සේවකයින් සහ තලවකැලේ පොලිසිය ප්‍රදේශවාසින් සමග එක්ව පාලනය කර තිබෙනවා.

ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්න පිළිබඳ​ව තලවකැලේ පොලිසිය පරික්ෂණ පවත්වනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button