විදෙස්

දකුණු කොරියාවේ කර්මාන්ත ශාලාවක ගින්නක්

දකුණු කොරියාවේ ලිතියම් බැටරි කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් 16 දෙනෙක් මියගොස් 5 දෙනෙක් අතුරුදන්ව ඇති බ​ව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සෝල් අගනුවරට ආසන්න Hwaseong නම් ප්‍රදේශයේ පිහිටි “Aricell”  කර්මාන්ත ශාලාවේ එම ගින්න අද (24) උදෑසන ඇති වුණා.

එහි ගබඩාවක තිබූ බැටරි සෙල් පුපුරා ගොස් ඇති අතර එම පිපිරීමට හේතුව අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button