විදෙස්

ඊශ්‍රායල් – හමාස් යුද්ධය ගැන තීරණයක්

ඊශ්‍රායල් – හමාස් යුද්ධයේ මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් සම්මත කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය නිවේදනය කර ඇත්තේ,ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත අත්‍යවශ්‍ය ආධාර ලබාදීම වෙනුවෙන් මෙම සටන් විරාමය ඉල්ලා සිටින බවයි.

එමෙන්ම දෙපාර්ශ්වය අතර පවතින ගැටුම්වලදී ජාත්‍යන්තර නීතිවලට අනුකූලවන ලෙසද ඔවුන් මෙම යෝජනාව හරහා ඉල්ලා තිබෙනවා.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම යෝජනාව වැඩි ඡන්ද 12 කින් සම්මතවී ඇති අතර අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ රුසියාව ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බවයි.

මේ අතර හමාස් තුවක්කුකරුවන් විසින් ඔක්තෝබර් 07 වනදා පැහැරගත් ඊශ්‍රායල කාන්තාවකගේ මළ සිරුර හමුදා කණ්ඩායමකට හමුවී තිබෙනවා.

65 හැවිරිදි යෙහුදිත් වීස්ගේ සිරුර ගාසා තීරයේ ශිෆා රෝහල අසල තිබූ ගොඩනැගිල්ලක තිබී හමුවී ඇති බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button