දයාසිරිගෙන් පොලීසියට පැමිණිල්ලක්
පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා අද (06) පෙරවරුවේ මරදාන පොලිසියට පැමිණ පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ඒ, අධිකරණය ලබාදුන් තීන්දුවට අනුව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයේ වැඩ භාර ගැනීම සඳහා ඊයේ (05) නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ගියද ඊට ඇතුළුවීමට අවසර ලබානොදීම සම්බන්ධයෙන්.
කොළඹ දිසා අධිකරණය මගින් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතාට ලබාදුන් අධිකරණ තීන්දුවට අනුව ඔහු ඊයේ කොළඹ ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණියේ සිය ධුරයේ වැඩ භාර ගැනීම සඳහායි.
කෙසේවෙතත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ශ්වයේ පිරිසක් විසින් පක්ෂ මූලස්ථානයට ඇතුළුවන ගේට්ටුව ඉබියතුරු දමා වසා තිබීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.
එවන් පසුබිමක දයාසිරි ජයසේකර මහතාය පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ භාර ගැනීමට සිදුවූයේ පක්ෂ මූලස්ථානය ඉදිරිපිට තාවකාලිකව සූදානම් කළ ස්ථානයකදීයි.