දේශීය
කොළඹට හෙට පැය 15ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(29) දිනයේ ජල කපාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පදාන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට පෙරවරු 09සිට මධ්‍යම රාත්‍රී 12දක්වා පැය 15ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
එම ප්‍රදේශ වන්නේ කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශ සහ මහරගම බොරලැස්ගමුව කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශයි.
ඊට අමතරව කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති.
එසේම මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු කරන බවයි ජල සම්පදාන මණ්ඩලය ප්‍රකාශ කළේ.