පාසල් ගොඩනැගිලි 74ක් අවදානම්

දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි 74ක් හඳුනාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, ඒ අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහ තංගල්ල බාලිකා විද්‍යාලයේ තිබූ අබලන් ගොඩනැගිලිද හඳුනාගෙන ඒවා ඉවත්කර නව ඉදිකිරීම් කිරීම සිදුකෙරෙන බවයි.
තම පාසල්වල අබලන් ගොඩනැගිලි ඇත්නම් ඒවා සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසත් සිසුන් එවැනි ගොඩනැගිලි වලින් ඉවත්කර ඔවුන්ගේ ආරක්ෂාව සලසන ලෙසත් විදුහල්පතිවරුන්ට දැනුම්දී ඇති බව ඔහු පවසනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ, විශේෂයෙන්ම 2019 සිට වසර 4ක් පාසල් ගොඩනැගිලි අලුත්වැඩියාව සහ නව ඉදිකිරීම් සඳහා රජයෙන් ප්‍රතිපාදන ලබා නොදීම හේතුවෙන් එම තත්ත්වය ඇතිවූ බවයි.
සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (15) වැල්ලම්පිටිය වේරගොඩ, විද්‍යාලයේ පළමු වසරේ දැරියක් එහි ජලකරාම සවිකර තිබූ බැම්මක් පෙරළීමෙන් ඊට යටවී ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.
එමෙන්ම ඉන් තවත් දරුවන් 5 දෙනෙක් තුවාල ලබා තිබුණා.