2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරඟය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය අද (19) සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතයි.
ඒ,ඉන්දියාවේ, අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී.
අද තරඟය මෙරට වෙලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතයි.
මූලික වටේ තරඟ 09න් 09ම ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම, අවසන් තරග සඳහා පිවිසෙන්නේ, ඉතාම ප්‍රබල මානසිකත්වයක් යටතේ වීම විශේෂත්වයක්.
ඔවුන් සහභාගිවූ තරඟ 09න් එකදු හෝ තරඟයක්වත් තරගකාරී ලෙස හමාර නොවී ඒ සියලු තරග ඉන්දියාව ජයගත්තේ, ඉතා පහසු ආකාරයෙන්.
කෙසේ හෝ මෙවර ක්‍රිකට් ලෝක කුසලානය යනු, පෙර නොවූ විරූ ලෙස පුවත් මැවූ තරඟාවලියක් බව නිසැකයෙන්ම පැවසිය හැකියි.
කුමන හෝ ආකාරයකට ඉන්දියාව මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කරන බවට සමාජ මාධ්‍යය තුළ පුවත් පළ වුණා.
ඒ සඳහා අයිසීසී නීති, තාක්ෂණය සහ තණතීරු යොදා ගැනීම ආදී නොයෙකුත් උපක්‍රමයන් ඉන්දියාව විසින් අනුගමනය කරනු ලැබ ඇති බව එම සමාජ මාධ්‍ය පුවත්වල සටහන්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරඟයකට ක්‍රීඩා කරන 08 වැනි අවස්ථාව මෙය වනවා.
ඉන් අවස්ථා 05ක ද ඔවුහූ ලෝක කුසලානය සිය මව්බිමට දිනා දීමට සමත්වුණා.