විදෙස්

ඇෆ්ගනිස්තානයේ බෝට්ටු අනතුරකින් 20ක් අතුරුදන්

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේදී සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු දියේ ගිලී අතුරුදන්වී ඇති බ​ව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට ගංඟාවක් හරහා ගමන් කරමින් තිබු බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්වී ඇති බවයි වාර්තාවන්නේ.

එම අනතුරෙ​න් පුද්ගලයන් පස් දෙනෙකු දිවි බේරාගෙන ඇති බව සඳහන්.

අතුරුදන්වූවන් අතර කුඩා ළමුන් ද වන බවයි වාර්තාවන්නේ.

ඔවුන් සොයා එරට මුදාගැනීමේ අංශ විශේෂ මෙහෙයුමක්​ද ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button