චූන් පාන් වෑන් එකක් වගේ නැවක් හරවන්න බෑ..! – හඳුන්නෙත්ති

Yuan Wang 5 නෞකාවට අවසරදීම මත ඉන්දියාවත්, චීනයත් සමග ශ්‍රී ලංකාව පවත්වාගෙන යන ජාත්‍යන්තර සම්බන්ධතා අර්බුදයකට පත්වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ඒ, ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ආණ්ඩුවේ මුනිවත රැකීම නිසා දැනටමත් හම්බන්තොට දෙසට ගමන් ආරම්භ කර තිබෙන චීන පර්යේෂණ නෞකාව ආපසු හැරවීම ගමේ චූන් පාන් වෑන් එක ආපසු හැරවීම වැනි පහසු කටයුත්තක් නොවන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ.
එසේම චීනය සහ ඉන්දියාව සමීපතම ගනුදෙනු කරන රාජ්‍යයන් හැටියට මිත්‍රත්වය පළුදුකරගතහොත් ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය තවත් ප්‍රපාතයට ඇදවැටීමේ අවදානමක් ඇති බවද සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙනවා.
‘Yuan Wang 5’ නෞකාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිළි කරමින් ඔහු මෙම අදහස් පළකරනු ලැබීය.