දේශීය
රංජිත් සියඹලාපිටියට නියෝජ්‍ය කථානායක ධූරයෙන් ගැලවීමක් නැති වෙයිද?

නියෝජ්‍ය කථානායක ධූරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමෙන් රංජිත් සියඹලාපිටිය මහතාගේ නම නිමල් සිරිපාල ද සිලවා මහතා යෝජනා කළ අතර සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් එය ස්ථීර කරනු ලැබුවා.
විපක්ෂය විසින් ඉමිතියාස් බාකීර් මහතාගේ නම යෝජනා කරනු ලැබුවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමෙන් ඉදිරිපත් කර ඇති රංජිත් සියඹලාපිටිය මහතා ට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලබාදෙන බවයි.
ඉන් පසු කථානායකවරයා විසින් ඡන්ද විමසීමකට පියවර ගැනුනා.