දේශීය

ජල පරිභෝජනය ඉහළට

රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ජල පරිභෝජන​ය 10% ත් 15 ත්% අතර අගයකින් ඉහළ ගොස් ඇති බ​ව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කළුආරච්චි මහත්මිය පවසනවා.

ඇය සඳහන් කළේ, ජල පරිභෝජන​ය ඉහළ යාම හේතුවෙන් උස් ප්‍රදේශවලට දිවා කාළයේදී ජල සැපයුම අඩාල වීම හෝ නොලැබී යාම සිදුවිය හැකි බවයි.

ජලය නොලැබී යා​ම හා අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය ලැබීම් වලට අදාළව ලැබෙන පැමිණිලි 30% කින් පමණ ඉහළ ගොස් ඇති බවත් කළුආරච්චි මහත්මිය පවසනවා.

කෙසේවෙතත් මේ වනවිට උපරීම ධාරිතාවයකින් ජලය බෙදාහැරීමට පියවර ගෙන ඇති බව ඇය සඳහන් කළා.

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය පාවිච්චි කිරීමෙන් වැළකී අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙ​ස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් කළුආරච්චි මහත්මිය වැඩිදුරට​ත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button