අල්ලස් ගත් පොලිසියේ දෙන්නෙක්ට වැඩ වරදී

අත්අඩංගුවට ගත් පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් 454,200ක මුදලක් ලබා ගත්තේ යැයි පවසන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරක සහ කොස්තාපල්වරයා ලබන 08 දින දක්වා බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනීය පතිරාජ මහත්මිය අද (06) නියෝග කළා.
පළමුව රුපියල් ලක්ෂ තුනක මුදලක්ම ලබාගෙන ඉතිරී රුපියල් 154,200 අපරාධ කොට්ඨාසය තුළදී ලබා ගැනීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉබ්බාගමුව දෙහෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඊයේ දිනයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරුවන් සඳුදා දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියම කළා.
මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන ලද මුදල් මිලට ගැනීමේ හා විකිණීමේ ව්‍යාපාර මඟින් පුද්ගලයන් දෙදෙනකු සමග සිදු කරන ලද ගනුදෙනු තුනකට අදාලව වංචනික ලෙස වෙනත් ගිණුමකින් මුදල් හුවමාරු කිරීමට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන ලද විමර්ශන කටයුතුවලදී ඉහත ගිණුම්වලින් වංචනික ලෙස මුදල් මාරු කරන ලද පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ණය පැමිණිලිකාර පුද්ගලයා අධිකරණය ට ඉදිරිපත් නොකර සිටීමට නම් රුපියල් 4.54,200/=ක මුදලක් අවශ්‍ය බව පවසා එකී මුදලින් ලක්ෂ තුනක මුදලක් පළමුව ලබාගෙන තිබූ බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් ඉතිරි මුදල් කොළඹ අපරාධ කොට්ඨාසය තුළදී ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.